Saturday, October 17, 2015

වඳවී යාමේ තර්ජනයට ලක්වූ අරුම පුදුම සතුන්

වඳවී යාමේ තර්ජනයට ලක්වූ අරුම පුදුම සතුන්


ලෝකයේ වඳවී යාමේ තර්ජනයට මුහුණ පා ඇති සත්ත්වයන් (Endangered animals)අතුරින් අරුම පුදුම සත්ත්ව විශේෂ කිහිපයක් හඳුනාගත හැකිය.
Angler Fish
   
ගැඹුරු මුහුදේ වසන අස්ථික මත්ස්‍ය කාණ්ඩයක්වූ Angler Fish තද අළු පැහැයේ සිට තද දුඹුරු පැහැය දක්වා වර්ණයන්ගෙන් සමන්විතය. අනෙකුත්  මත්ස්‍ය විශේෂ හා සන්සන්දනය කිරිමේදී මොවුනට ඉතා තියුණු දත් වලින් සමන්විත අඩ සඳ ආකාර මුඛයක් සහිත විශාල හිසක් දක්නට ලැබේ. එය මෙම මත්ස්‍යයන්ගේ විලෝපිකතාවය මැනවින් පිළිබිඹු කරයි.  එසේම, Angler Fish යන නම ලැබීමට පවා සුවිශේෂීවූ  ලක්ෂණයක් වන්නේ ඇමක් ලෙස ක්‍රියා කිරීම සඳහා උගේ හිස මැදින් පිටතට වර්ධනය වී ඇති සිහින් මාංශලමය කේශරයකි. එම  කේශරය බොහෝවිට මෙම මත්ස්‍යයින්ගේ පෘෂ්ඨීය වරලේ ඉදිරි කෙළවරෙහි විකරණය වීමක් ලෙස සැලකේ. සමහර වැඩුණු ස්ත්‍රි Angler Fish මත්ස්‍යයින්ගේ ඉහත කී  කේශරයේ අග කොටසෙහි ‘esca’ නම් වූ ආලෝකය විහිදුවන අවයවයක් පිහිටා ඇත. මෙම ආලෝක සංඥා ගැඹුරු මුහුදේදී තම ගොදුරු සොයා ගැනීම පහසු කරවන අතර පිරිමි සතුන් ආකර්ෂණය කර ගැනීමටද ඉවහල් වේ.

Frill- necked Lizard  (Chlamydosaurus kingii )
ඕස්ට්‍රේලියාවේ උතුරු  ප්‍රදේශවල හා නිව් ගිනියාවේ දකුණු ප්‍රදේශවල බහුලව හමුවන මෙම කටුසු විශේෂයට ඉහත  නම ලැබී ඇත්තේ  උගේ ගෙල වටා විශාල රැළි පටියක් ආකාරයට සැකසී ඇති සම කොටස නිසායි.  මෙම සම කොටස සෘජුව පවත්වා ගැනෙන්නේ උගේ හනු වලට සම්බන්ධවූ කාටිලේජමය නාරටි ආධාරයෙනි. මෙම සතුන් වැඩි වශයෙන්ම ගස් උඩ කාලය ගත කරන අතර කුරුමිණියන්, වේයන්, සමනලයන්, සළඹයන් වැනි කුඩා ආත්‍රොපෝඩාවන්  මෙන්ම කුඩා පෘෂ්ඨවංශිකයන්ද ආහාරයට ගනී.
            මෙම කටුසු විශේෂයට ආවේණික වර්ණයක් නොමැති අතර තමා ජීවත්වන පරිසරයට අනුකූලව වර්ණය වෙනස්වේ. ශරීර ප්‍රමාණය 85 cmපමණ දක්වා වර්ධනය වේ. කටුසු විශේෂයක් වුවද දෙපයින් ඇවිදීමේ හැකියාවද ඇත.
            මොවුන් තැතිගත් විට තම විලෝපිකයන් අධෛර්යමත් කිරීම සඳහා බිහිසුණු පෙනුමක් ඇති කර ගන්නා අතර දිදුලන රෝස හෝ කහ පැහැති ඇතුලත ආස්ථරයක් පෙනෙන ආකාරයට මුව විවර කර ගනී. තැඹිලි හා රතු පැහැති කොරළ ඉස්මතු වන සේ ගෙල වටා පිහිටි රැළි ආකාර කොටස විහිදුවන අතර ශරීරය හා වලිගය ඉහළට ඔසවා ගනී.

Purple Frog   (Nasikabatrachus  sahyadrensis)
ඉන්දියාවේ Western Ghats නම් වූ ජෛව විවිධත්වයෙන් බහුල  ප්‍රදේශයකින් හමුවන Purple Frog නම් වූ ගෙඹි විශේෂයේ සුහුඹුල් සතුන් තද දම් පැහැයට හුරු අළු පැහැයකින් යුක්තය. Anura ගෝත්‍රයට අයත් අනෙකුත් ගෙඹි විශේෂ හා සන්සන්දනය කිරිමේදී Purple Frog නම් ගෙඹි විශේෂය තරමක් රවුම් හැඩයක් ගන්නා අතර කුඩා හිසකින් හා අසාමාන්‍ය ලෙස උල්වූ හොම්බකින් (Snout) යුක්තය. එබැවින් මෙම ගෙඹි විශේෂය Pig nose frog ලෙසද හදුන්වයි.
  
Bumblebee Bat ( Craseonycteris thonglongyai ) 
ලොව කුඩාම වවුල් විශේෂය වන Bumblebee Batතායිලන්තයේ බටහිර ප්‍රදේශවල හා බුරුමයේ ගිණිකොණදිග  ප්‍රදේශවල දක්නට ලැබේ. එසේම මොවුන් ලෝකයේ කුඩාම ක්ෂීරපායි විශේෂය ලෙසද අනුමාන කෙරේ.
            ශරීරය රතු දුඹුරු හෝ  අළු පැහැයට හුරුවන අතර මුව ඉදිරි කෙරවළ (හොම්බ) කැපී පෙනෙන ලෙස ඌරකුගේ මුවෙහි ස්වභාවය ගනී. කන් සාපේක්ෂව විශාලය.  ඇස් කුඩා වන අතර ලොම් වලින් ආවරණය වී ඇත.  දත් කෘමිභක්ෂක වවුලන්ගේ දත් වැනිය. පියාපත් තරමක් විශාල වන අතර තද පැහැයක් ගනී.
             Bumblebee Bat දිගින් 29-33 mm වන අතර බර 2gක් පමණ වේ. ශරීරය මේ තරම් කුඩා වීම නිසාම මොවුන්Bumblebee Bat ලෙස හදුන්වයි.   බොහෝවිට හුණුගල් ආශ්‍රිත ගුහා තුළ රංචු වශයෙන් ජීවත්වේ. රංචුවක සිටින සාමාජිකයන් ගණන 15-100 දක්වා පමණ වෙනස්වේ.  එසේම මොවුන් කාලයෙන් කාලයට විවිධ ගුහා වලට පර්යටනය වීම සුවිශේෂී ලක්ෂණයකි.

Olm  ( Proteus anguinus)
ගුල් තුළ වාසය කරන Chordata වංශයට අයත් උභය ජීවි සත්තව විශේෂයක් වන Olm යුරෝපයේ මධ්‍යම හා ගිණිකොණදිග  ප්‍රදේශවල දක්නට ලැබේ. අනෙකුත් උභය ජීවින් හා සසඳන කල මෙම සත්ත්වයා සම්පූර්ණයෙන්ම ජලජ පරිසරයකට හැඩගැසී ඇති අතර ආහාර ගැනීම, නිදා ගැනීම, ප්‍රජනනය වැනි සියළු ක්‍රියාවන් ජලය තුළදීම සිදුවේ.
            සර්පයකුගේ ආකාර ශරීරයක් ඇති Olm දිගින් 20-30cm පමණ වේ. ශරීරය සිලින්ඩරාකාර හැඩයක් ගන්නා අතර ලා කහ හෝ ලා රෝස පැහැයක් ගනී. බොහෝවිට උදරයේ අභ්‍යන්තර අවයව විනිවිදව පෙනේ.
මෙම සත්ත්වයා ජලය ආශ්‍රිතව පොළව යට සම්පූර්ණයෙන්ම අඳුරු පරිසරයක ජීවත්වන බැවින් එම පරිසරයට හොඳින් අනුවර්තනය වී ඇත.   උගේ ඇස් වර්ධනය වී නොමැති අතර ගන්ධය හා ශ්‍රවණය වැනි අනෙකුත් සන්නිවේදන තියුණු ලෙස වර්ධනය වී ඇත.  රූපාන්තරණය සිදු වුවද, කීට අවස්ථාවේ දක්නට ලැබෙන බාහිර ජලක්ලෝම ඒ ආකාරයෙන්ම සුහුඹුල් සතාගේද දක්නට ලැබේ.
            මෙම සත්ත්වයාගේ කලල වර්ධනය සඳහා දින 140 ක් ගතවන අතර ලිංගිකව පරිණත වීම සඳහා  වසර 14ක් පමණ ගතවේ.  එහිදී මාස 4 කින් පමණ කීට අවධිය පසුකර සුහුඹුල් අවස්ථාවට පත්වුවද ඒ සඳහා  ගතවන කාලය ජලයේ උෂ්ණත්වය මත රඳා පවතී.
            මෙම සතුන් ගුල් තුළ ජීවතවීමට අනුවර්තනය වී ඇති බැවින්, බාහිර පරිසරයේ වෙනස්වීම් වලට ඔරොත්තුදීමේ හැකියාව නැත. එබැවින් ජල දූෂණයේ අනිසි විපාකයන් මෙම අරුම පුදුම සත්ත්ව විශේෂයද  අත් විඳිමින් සිටී.


Daily News පුවත් පතේ  ‘ Weirdest endangered  animals’ ලිපි පෙළ ඇසුරෙන් සකස් කරන ලද්දකි.
සැකසුම
විද්‍යා හා තාක්ෂණ නිලධාරී
වත්තල

අලුතෙන්ම තේරුණු සොබාදහමේ පුදුම හත

අලුතෙන්ම තේරුණු සොබාදහමේ පුදුම හත


පුදුම හත සංකල්පයට ඇත්තේ ලොව පුරා ඇත්තේ ඉහල පිළිගැනීමකි .මද්‍යතන යුගයේ පුදුම හත,නුතන යුගයේ පුදුම හත ,සංචාරක ආකර්ෂණය දිනු පුදුම හත ,ස්භාවික පුදුම හත ,දිය යට පුදුම හත ලෙස මෙය විවිද වේ .ඒ අතර නව සොබාදහමේ පුදුම හත තේරීම සඳහා අන්තර්ජාලය ඔස්සේ මත විමසීමක් 2007-2011 දක්වා ලොව පුරා රටවල් 220 ක මිලියන 100 ක පමණ දෙනාගේ සහබාගීත්වය ඇතිව  සිදු කරන ලදී .එම ඡන්ද විමසීමේ ඡන්ද ගණනය පසුගිය නොවැම්බර් 11 වැනිදා සිදු විය .එදින තේරී පත්උනු සොබාදහමේ පුදුම හත පහත දැක්වේ .



                                ඇමේසන් වැසි වනාන්තරය මෙන්ම ඒ හරහා ගලායන ඇමේසන් නදියද විශ්මජනක වේ .දකුනු ඇමෙරිකාවේ ඇමේසන් නදී නිම්නය ආවරණය කරන ඇමේසන් බ්‍රසීලය ,පේරු ,වෙනිසියුලාව ,කොළොම්බියාව,ප්‍රංශ ගයනාව ,ඉක්වදෝරය ,බොලීවියාව ,ගයනාව සහ සුරිනාමය යන රටවල් පුරා පැතිරී පවතී .මෙම වැසි වනාන්තරය ලෝකයේ විශාලතම වැසි වනාන්තරය වන අතර දැනට ලබගෙන ඇති දත්ත අනුව මෙම වනාන්තරයේ වර්ග කිලෝමීටරයක ඇති ශාක වල මුළු බර ටොන් 90,740 පමණ වන බව සඳහන් වේ .
                               වසර මිලියන ගණනාවක් පුරා නිර්මාණය වූ මෙම වනාන්තරය වර්ග කිලෝමීටර 5,500,000 ක පුරා පැතිරී ඇති අතර ඒ තුල යෝධ කුහුඹු කන්නා,ටේපරයා,ජගුවරයා ,ඇලිගේටරයා ,පිරන් හා මත්සයන් ,විදුලි ආදා ,ලේ උරා බොන වවුලා වැනි විවිදාකාර සතුන් මිලියන ගණනාවක් ජීවත් වේ .එමෙන්ම වනචාරී මිනිසුන් බොහෝ පිරිසකගේ වස භුමිය බවටද ඇමේසන් පත්ව තිබේ .

                                           වියට්නාමයේ පවතින හා ලෝන්ග් බොක්ක වර්ග කිලෝමීටර  1553 ක ප්‍රදේශයක හුණුගල් සමුහයකින් හා නිසල ජල තලයකින් යුක්තව ස්බාවිකවම නිර්මාණය වන ලද්දකි .පැරණි පුරාවුර්ත වලට අනුව මකරකුගේ  පුරාවුර්තයකට අනුව මෙම බොක්කට හා ලෝන්ග් යන නම ලැබී තිබේ .විසිතුරු මුහුදු තීරයකට සහ විසිතුරු ගල්ගුහ රාශියකට උරුමකම් කියන මෙහි විශාලම ගල්ගුහාව ලෙස සන් ෂොට් හැදින්වේ .මුහුදු පතුලේ ඇති රමණීය කොරල් පරය සහ මනරම් මුහුදු තිරය නිසා ලොව පුරා සංචාරක ආකර්ෂණය මේ සඳහා ලැබී තිබේ .

                          
                           බ්‍රසීලයේ දකුණු දිග කලාපයටත් ආර්ජන්ටිනාවේ මිඩියන්ස් පළාතටත් අයත් ඉගුඅසු ඇල්ල,ඉගුආසු ගංගාවේ පිහිටි දර්ශනීයම ස්ථානයකි.විවිද ප්‍රමාණයේ දියඇලි 270 කින් නිර්මාණය වී ඇති මෙම දියඇලි සංකීර්ණයේ සම්පුර්ණ පළල මීටර 2700 පමණ වේ.ඇල්ලේ පළලින් මීටර 1900 ක් බ්‍රසීලයටත් ඉතිරිය අර්ජන්ටිනාවටත් අයත් වේ.මෙහි උසම ඇල්ලේ උස මීටර 82 වන අතර බහුතරයක උස මීටර 64 ක් පමණ වේ.
                             ඉගුආසු අල්ලේ ප්‍රදානතම ඇල්ල වන්නේ යක්ෂයාගේ උගුර නමින් හැදින්වෙන ඇල්ලයි.ඉංග්‍රීසි U අකුරේ හැඩයට පිහිට ඇති මෙම ඇල්ලේ පළල මීටර 150 ඉක්මවයි.මෙම ඇල්ල පිහිට ඇත්තේ බ්‍රසීලයත් අර්ජන්ටිනවත් වෙන්කරන සීමාවේ වීමද විශේෂත්වයකි.තත්පරයකට ජල ලීටර 15000 ක තරම් ජල ප්‍රවාහයක් අද හැලෙන මෙම දිය ඇල්ල ආශ්‍රිත රක්ෂිතයේ ඇමේසන් හි ජීවත් වන සතුන් වැනි දුර්ලබ සතුන් ජීවත් වේ. 

          
                                    බාලි දිවයිනට නාවික සැතපුම් 200 කට ඔබ්බෙන් පිහිටි කොමොඩෝ ජාතික වන උද්‍යානය මේ ලෝකයේ සම්පුර්ණයෙන්ම වෙනස් වුවක් වැනිය.යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙසද නම් කර ඇති අතර රෝස පැහැ වෙරල තීර දිස්වෙන මෙම දුපත වඩාත් ප්‍රචලිත වී ඇත්තේ කොමොඩෝ මකරු ජීවත් වන නිසාවෙනි.වෙරල තීර වල දිස්වන මෙම රෝස පැහැයට හේතුවන්නේ රතු සහ සුදු මුහුදු වැලි මිශ්‍ර වී ඇති නිසාවෙනි.
                           වර්ග කිලෝමීටර 390 ක භුමි ප්‍රමාණයක පැතිරී ඇති මෙම දුපත ඉන්දුනීසියාවට අයත් දුපත් අතරින් එකකි.


                                               
                                        පුර්ටෝ ප්‍රින්සේසා  භූගත ගංගාව සහිත ජාතික වන උද්‍යානය පිහිටන්නේ පිලිපීනයේ  පුර්ටෝ ප්‍රින්සේසා  නගරයට කි.මී 50 කට පමණ ඔබ්බෙනි.ශාන්ත පෝල් කඳුකරයට උතුරු දිගින් පිහිටි මේ ජාතික වන උයන ශාන්ත පෝල් බොක්ක මායිමේ පිහිටයි.
                                             මෙම වන උයනේ සුවිශේෂී අංගය වන්නේ කි.මී. 8 දුරට විහිදුන භූගත ගංගාවයි.ලොව දිගම භුදත ගංගාව ලෙසද  පුර්ටෝ ප්‍රින්සේසා  නම් දරයි.
                                     යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙසටද නම් කරනු ලැබූ මේ භූගත ගංගාව සහ වන උද්‍යානය සුන්දර වනගහන්යක්ද වේ.කුරුළු විශේෂ 165 ක්‌ ක්ෂීරපායි විශේෂ 30 ක් උරග විශේෂ 19  ආදී වශයෙන් නොයෙක් සත්වයින්ගෙන්ද ශාක විශේෂයන්ගෙන්ද මෙම වන ගහනය සමන්විත වේ.

                  
                                       ටේබල් මවුන්ටන් ලෙස නම් කෙරුණු කඳු ලෝකයේ බොහෝ ස්ථාන වල ඇතත් ලෝක පුදුමයක් ලෙස නම් කෙරුනේ දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් හි පිහිටි මේ නම් ගත් කඳුවැටිය පමණි.උතුරේ සිට දකුණට විහිදුනු කඳු වැටියේ මුදුන් ගණනාවක් විවිද නම් වලින් හඳුන්වනු ලබයි.සිංහ හිස,මේස කන්ද,යක්ෂගේ කන්ද,රිදී මුහුණත ඉන් ප්‍රදාන වේ.
                                              ඉහල කඳුවැටියේ පැතුරුණු වනාන්තරය සින්හයන්ගේද,දිවියන්ගේද,සිවලුන්ගේද,අප්‍රිකානු පඳුරු අලින්ගේද,කළු රයිනොසරුන්ගේද ,කඳුකර සීබ්‍රවන්ගේද නිජ බිම වේ.
                       
                                  
                                දර්ශනීය දියඇලි තුනක ජන්ම භුමිය වූ ජේජු දුපත දකුණු කොරියානු අර්දද්වීපයට අයත් වුවකි.වැලි සහිත දිගු වෙරළවල් සහ වන ගහනයෙන්ද යුත් මේ දුපත සංචාරක අකර්ශනයද වැඩි වශයෙන් දිනා ඇත.     විවිද වර්ගයේ මැණික වර්ගයන්ට උරුමකම් කියන මෙම දුපත සීත ඉර්තුවෙදී අදික ශීතලකින් යුක්ත වේ.
                             මීටර් 1950 න් යුත් මහල කඳු මුදුනක්දතවත් යමහල් කීපයක්ද ඇති ජේජු දුපතේ පිහිටි හලසන් වන උද්‍යානය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇත.


Friday, October 16, 2015

මෙතෙක් නුදුටු අලූත් අද්භූත සත්ව විශේෂ 10ක්!

මෙතෙක් නුදුටු අලූත් අද්භූත සත්ව විශේෂ 10ක්! 

වැහිදාට කිවිසුම් අරින වඳුරෙක්, දීප්තිමත් නිල් දිවිමකුළුවෙක්...!



මෙතෙක් හඳුනා නොගත් විස්මිත සත්ව විශේෂ 10ක් අලූතින් හඳුනා ගෙන තියෙනවා. ඒ අතර වැහිදාට කිවිසුම් අරින පුදුම වඳුරෙකුත් ඉන්නවා. දීප්තිමත් නිල් පැහැයෙන් යුත් දිවිමකුළුවෙක්, සොසේජස් එකක් තරම් ලොකු හැකරැල්ලෙක් ඒ අතර ඉන්නවා.

මේ අමුතු අද්භූත සතුන් මීට කලින් විද්‍යාත්මකව හඳුනා ගෙන තිබුණේ නෑ. පසුගිය වසරේ තමයි මුල්වරට මේ සතුන් සොයා ගනු ලැබුවේ. මොවුන් හමු වී ඇත්තේ මිනිසුන් නො යන ලොව අති දුෂ්කර ප‍්‍රදේශවලදියි. 

 
කිවිසුම් අරින වඳුරෙක්! වැහි දවස්වලට මේ සතුන් ඔවුන්ගේ හිස් දනිස් අතර හංගා ගන්නවා.

 
මේ සතා ඔබේ කොට්ටය මත බඩ ගෑවොත්: බ‍්‍රසීලයේ දී හමුවූ දීප්තිමත් නිල් මකුළුවා නම් කර ඇත්තේ සසීමාගේ දිවිමකුළුවා කියලයි.

මේ වඩාත් විස්මිත ජීවීන් 10 දෙනා තෝරාගෙන ඇත්තේ අලූතින් සොයා ගෙන ඇති ශාක හා සත්ව විශේෂ 200ක් අතරින්. ඒ නව ජීවීන් 200 ම අන්තර්ජාතික කමිටුවක් මගින් ලෝක වනජීවී භාරයේ අවධානයට යොමු කර තියෙනවා.

ඒ අද්භූත සතුන් අතර තමයි, ඝන සුදු රැවුලක් ඇති වඳුරා ඉන්නේ. නිතරම නැහැය උඩට හරවා ගෙන ඉන්නා ඌට වැහි පවතින විට පිනී බෑම නිසා කිවිසුම් යනවා. ඌ සොයා ගෙන ඇත්තේ ලන්ඩනයේ කේම්බි‍්‍රජ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් විසින්. මියන්මාරයෙන් (බුරුමයෙන්) හමු වී ඇති මේ අරුම පුදුම වඳුරු විශේෂයෙන් තවත් 300 දෙනකුට වඩා මිහිමත නැතිලූ. කිවිසුම් යන නිසා මේ වඳුරන් වැහි දාට මුහුණු දනිස් අතර හංගා ගෙනයිලූ ඉන්නේ. 

අනෙක් පුදුම සතුන් අතර මේ ‘සසීමාගේ දිවිමකුළුවා’ හමුවුණේ බ‍්‍රසීලයෙන්. දීප්තිමත් නිල් පැහැයෙන් යුක්තයි. තවමත් විද්‍යාත්මක නමක් නැහැ.

ඒ වගේ ම ලෝකෙ අනික් පැත්තෙ ඉන්නවා ටමෝයා ඕබෝයියා කියන මේ ජෙලිෆිෂ් හෙවත් ලොඩි වර්ගයේ සතෙක්. සුදු හා රතු පැහැ සහිත වල්ගා ඇති ඌ බැලූ බැල්මට පෙට්ටි සරුංගලයක් වගෙයි. 

 
දිගු රතු හා සුදු වල්ගා ඇති ටමෝයා ඔබෝයා (Tamoya ohboya) නම් ජෙලිෆිෂ් හෙවත් ලොඩි විශේෂයක්

 
පොළොවේ ගැඹුරු පත්ලකින් හමු වූ මේ යක්ෂ පණුවා. මෙතෙක් සොයා ගෙන ඇති ගැඹුරුම තැනක ජීවත්වන සංකීර්ණ ප‍්‍රාණියායි.

මේ යක්ෂ පණුවා විස්මිත සතකු ලෙස වාර්තා පොත්වලට එකතු වන්නේ වැඩි ම ගැඹුරක ජීවත්ව හමුවූ පළමු සංකීර්ණ ප‍්‍රාණියා කියායි. මිලිමීටර බාගයක්වත් දිග නැති, අඟලකින් 50න් එකක්වත් දිග නැති, මේ කුඩා සතා හමු වූයේ දකුණු අපි‍්‍රකාවේ රන් ආකාරයක සැතැපුමක් පමණ ගැඹුරේ සෙල්සියස් අංශක 37ක උෂ්ණත්වයක් සහිත තැනක සිටියදියි.


කුහුඹුවන් කා ජීවත්වන තාමත් හුරුපුරුදු නමක් නැති තවත් සතෙක් - කොල්ලස්මෝසෝමා සෙන්ටම් (Kollasmosoma sentum)

ස්පාඤ්ඤ බසින් ‘කිමිදී බෝම්බ හෙලන්නා’ යන විසුළු නාමයෙන් හැඳින්වෙන මේ සතා දෙබරෙක්. පොළොවට අඟල් බාගයක් විතර ඉහළින් පියාසර කරමින් කූඹින් ගොදුරු කර ගන්න ඌ දක්ෂයි. 

තවත් අලූත් සොයා ගැනීමක්! සේපොන්ජ්බොබ් ස්ක්වෑපෑන්ට්ස් මෂ්රූම් (Spongebob Squarepants mushroom)

බෝනියෝ දූපතේ දී හමු වූ දිලීරයක් තියෙනව, හරියට නානා කාමරයේ තියෙන ස්පොන්ජියක් වගෙයි. ටැන්සෑනියාවෙන් හමු වූ යෝධ හැකරැල්ලා තවත් අමුතු සතෙක්.

නේපාලයේ අඩි 13,000ක් ඉහළ වැවෙන පොපි මල් පඳුරු අසල බඩගාමින් ජීවත්වන ‘ඇවිදින සොසේජය’ යනුවෙන් හැඳින්වෙන හැකරැල් විශේෂයක්.

‘ඇවිදින පතොක් වර්ගයක්ද?’ ඉහළ ම නව ජීවීන් විශේෂයන් 10 අතරට ගැනෙන්නක්. වත්මන් කෘමීන්ගේ ආදීමයා ද?

මේ ලැයිස්තුවට අයත් වන ශාක අතර තියෙනවා, උඩවැඩියා විශේෂයක්, පැපුවා නිවුගිනියාවෙන් සොයා ගත්. ලන්ඩනයේ කීව් උද්‍යානයේ විද්‍යාඥයන් තමයි, සොයා ගෙන තියෙන්නෙ. රෑ 10ට පිපිලා උදේ වෙන කොට පරවෙන මලක්. 


මේ ලැයිස්තුව විශේෂයෙන් සකස් කරල තියෙන්නෙ පසුගිය පස් වසර තුළ ලොවපුරා කළ නව සොයා ගැනීම්වලින්, කැරෝලස් ලීනියස් කියන විද්‍යාඥයාගේ උපන් දින සැමරුම වෙනුවෙන්. 18 වැනි සියවසේ විසූ ඔහු තමයි, අද අප භාවිත කරන ශාක හා සත්ව වර්ගීකරණය ලොවට හඳුන්වා දුන්නේ.

ඇමෙරිකාවේ ඇරිසෝනා විශ්ව විද්‍යාලයේ පිහිටුවා ඇති සත්ව හා ශාක විශේෂ ගවේෂණ පිළිබඳ අන්තර්ජාතික ආයතනයේ මහාචාර්ය ක්වින්ටින් වීලර් කියන්නේ මෙවැනි අමුතු ශාක හා සත්ව විශේෂයන් වසරක් පාසා අලූතින් ලොව පුරා සොය ගන්නා බවයි. ”මේ විදියට අලූතින් දේ සොයා ගන්න හැම විටම අපට මේ ජීව ලෝකයේ ඇති විස්මිත බව පසක් වෙනවා” යයි ඔහු කියයි.

විද්‍යාඥයන් ඇස්තමේන්තු කරලා තියෙන විදියට මේ ලෝකයේ මිලියන අනූවක් විතර විවිධ ශාක හා සත්ව විශේෂ ජීවත් වෙනවා. ඒත් තවමත් එයින් සියයට දහයක්වත් අප විසින් හඳුනා ගෙන වර්ගීකරණය කර නැහැ.

Saturday, October 10, 2015

Fun-Day in Esoft Metro Campus - Kekirawa (29/09/2015)

Fun-Day

Organized by, Esoft Metro Campus - Kekirawa

Fun-Day program is organizing once for all new badges who start their diplomas in Esoft Metro Campus. Esoft Metro Campus is a nationwide and the largest IT institute in Sri Lanka. It offer many diplomas in IT field and also offer English diploma too. There are offer Pearson Assured Diplomas.

Here is some photographs of special occasions.